සීෂෙල්ස් රාජ්‍ය භාරයේ ඇති ‘ලොරෙන්සෝ පුතා 04’ බහුදින යාත්‍රාවේ ධීවරයන් හය දෙනා ආරම්භකර ඇති උපවාසය තවදුරටත් ක්‍රියාත්මකය.
උපවාසයේ නිරත ධීවරයන් වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා රජය මාසයක් ඉක්ම යන තෙක් තමන් ව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සදහා ස්ථිර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකළ බව ය.
ලොරෙන්සෝ පුතා 04 බහුදින යාත්‍රාවේ නියමුවා ලෙස කටයුතු කරන දුශාන් ප්‍රනාන්දු මේ වීඩියෝව නිකුත් කර ඇති අතර ඔහු ඉන් කියා සිටින්නේ ` තමන් ඉක්මනින් ශ්‍රී ලංකාවට ගෙන්වා නොගතහොත් දැඩි තීරණයක් ගන්නා බවයි .
මේ අතර, මෙම ධීවරයන්ගේ පවුල් වල සාමාජිකයෝ (මාර්තු 01 වැනිදා) දහවල් මාරවිල තොඩුවාව ට රැස් වූහ. එහිදී ඔවුන් කියා සිටියේ තම ඥාතීන් ට බීමට ජලය පවා සපයා ගැනීමට නොහැකිව ඇති බව ය.
“සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකාය විසින් බේරාගත් ධීවරයින් 06 දෙනා සහ මගේ යාත්‍රාව තවමත් සීෂෙල්ස්හි වික්ටෝරියා වරායේ නැංගුරම් ලා තිබෙනවා. ඔවුන් බේරාගෙන මාසයයි. ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට අපේ රජය සිදු කරන නීතිමය කටයුතු ඉතා මන්දගාමීයි. ගිහින් කන්නලව් කරන්න මට වෙන තැනක් නෑ, වගකිවයුතු හැම තැනකටම ගියා” යැයි ‘ලොරෙන්සෝ පුතා – 4’ බහුදින යාත්‍රාවේ හිමිකරු වන ඩබ්ලිව්. ෆ්‍රැන්සිස් මිල්රෝයි පෙරේරා මෙහිදී ප්‍රකාශ කළේය.
“බය වෙන්න එපා, අපිට කාලය ඕනේ. තව දවස් දෙක තුනකින් කියන්නම් හරියටම එයාලව කවදා ද ගේන්න පුලුවන් කියලා.” යනුවෙන් තමන් පසුගිය බදාදා දින (පෙබරවාරි 28 වැනිදා) විදේශ කටයුතු අමාත්‍යංශයට කතාකළ විට එහි නිලධාරියෙකු එසේ පිළිතුරු දුන් බව ෆ්‍රැන්සිස් මිල්රෝයි පෙරේරා කීවේය.
ඔහු පැවසූ පරිදි, සෝමාලියානු මුහුදු මංකොල්ලකරුවන්ගෙන් යාත්‍රාව සහ ධීවරයින්ව නිරුපද්‍රිතව බේරාගෙන ( පෙබරවාරි 29 වැනිදාට ) මාසයක් සම්පූර්ණ වී තිබේ.
“නමුත් ධීවරයින් පිරිස සහ යාත්‍රාව තාමත් ෂීෂෙල්ස් රටේ.” ධීවරයින් සහ යාත්‍රාව බේරා ගැනීමට ශ්‍රී ලංකාවේ රජයෙන් අවශ්‍යකරන ලියකියවිලි සහ ගත යුතු නිසි නීතිමය පියවර ගැනීමට විශාල ප්රමාදයක්පවතින බව ඔහු සඳහන් කළේය.
කිසිම කරදරයක් නැතිව බේරාගත්ත ධීවරයින්ව සහ යාත්‍රාව ලංකාවට ගෙන්වා ගන්න මෙච්චර කාලයක් , මාසයක් යන තුරු ධීවර අමාත්‍යංශය, විදේශ කටයුතු අමාත්‍යංශය , ධීවර ඇමතිවරයා යන අය මේ වැඩේ මේ තරම් ප්‍රමාද කරන්නේ ඇයි කියලා අපිට හරිම ප්‍රශ්නයක්” යැයි ෆ්‍රැන්සිස් මිල්රෝයි පෙරේරා කීවේය.
ජනවාරි 17 වැනිදා ‘ලොරෙන්සෝ පුතා 4’ බහුදින ධීවර යාත්‍රාව – දික්ඕවිට ධීවර වරායෙන් අරාබි මුහුද දෙසට සිය මංගල මුහුදු ගමන ආරම්භ කළේ සාමාජිකයින් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමඟිනි. එහෙත්, ජනවාරි 27 වැනිදා, ‘ලොරෙන්සෝ පුතා 4’ මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්විය.
අවසානයේදී, ජනවාරි 29 වෙනිදා, සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකාය විසින් මෙම ධීවරයින් පිරිස නිරුපද්‍රිතව බේරා ගනු ලැබුවේ, ධීවර අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සම්බන්ධීකරණයෙනි.
එහිදී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් 03 දෙනෙකු ද සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකාය භාරයට ගෙන තිබුණි.
ෆ්‍රැන්සිස් මිල්රෝයි පවසන පරිදි, යාත්‍රාව පැහැරගැනීමෙන් පසු, සෝමාලියාව දෙසට තම ගමන ආරම්භ කළ හැකි පරිදි සංඥා ක්‍රියාත්මක කරන ලෙස මුහුදු කොල්ලකරුවන් නියමුවාට උපදෙස් දී තිබේ.
යාත්‍රාවේ නියමුවා වන දුශාන්ගේ මව ස්වර්ණා මල්කාන්ති කියා සිටියේ ,” අපි හැමෝම ලොකු තිගැස්මක ඉන්නේ අපේ පුතාලාව දකිනකම්. ස්කිපර් දුශාන් මගේ පුතා. මගේ බෑනාත් ඒ අය එක්ක ඉන්නවා.”
“දැන් අපේ පවුල්වලට ආර්ථික ප්‍රශ්න බලපා තියෙනවා. දැන් මාසයක් වෙනවා එයාලට රස්සාවක් නෑ. එ නිසා මාසයක් ආදායම නැහැ. රජය ඔවුන්ගේ රාජකාරි කඩිනම් කළහොත් ඔවුන්ට ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණිය හැකියි.” ඇය පැවසුවාය.
“වාර්ෂිකව අපි යාත්‍රාවේ බලපත්‍රය ලෙස රජයට රුපියල් 50000.00 ක් ගෙවනවා. තවත් රුපියල් 120,000.00 ක් VMS රේඩාර් සිස්ටම් එකට ගෙවනවා.”
ගුවන්විදුලි බලපත්‍රය සඳහා අපි තවත් රුපියල් 20,000.00 ක් වසර පහකට වරක් ගෙවනවා. ඒ වගේම යාත්‍රා නැංගුරම් ලෑම සඳහා අපි දිනකට රුපියල් 1300.00 ක් ගෙවනවා.
යාත්‍රාව වෙනුවෙන් අපි රජයට විශාල මුදලක් ගෙවනවා. රටට තවත් විශාල මුදලක් උපයා දෙනවා. නමුත් අපි අමාරුවේ වැටුණහම ඔවුන්ට උදව් කරන්න බැහැ ” යැයි ෆ්‍රැන්සිස් මිල්රෝයි පැවසීය.
“අපේ ජනතාව බේරා ගැනීමට ශ්‍රී ලංකා රජය මුලදී අපට උදව් කළ බව ඇත්ත. නමුත් අපේ මිනිසුන් සහ මගේ යාත්‍රාව නිදහස්කරගෙන ශ්‍රී ලංකා මුහුදු සීමාවට ගෙන ඒම ට අපේ රජයට වගකීමක් තිබෙනවා. තවත් පමා නොවී රජය වහා මැදිහත් විය යුතුයි.” ඔහු වැඩිදුරටත් පැවසීය.
“මට පැහැදිලි නැති එක කාරණයක් තියනවා . ඒ මොකද්ද දන්නවද අපේ ධීවරයන්ව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පැහර ගත්තද නැත්නම් අපේ ධීවරයන් ඔවුන්ව පැහැර ගත්තද කියලා. මොකද අවසානයේ දඬුවම් විදින්නේ අපි නිසා” යැයිද ෆ්‍රැන්සිස් මිල්රෝයි පැවසීය.
“ලොකු සටනක් කරලා තමයි අපේ ධීවරයින්වයි යාත්‍රාවයි බේරා ගෙන තියෙන්නේ.වෙඩි හුවමාරුවක් පවා සිදුවෙලා තිබෙනවා. මේ වෙන කොට මගේ යාත්‍රාව සීෂෙල්ස් රටට ආසන්නවයි තිබෙන්නේ හෙට උදේ වෙන කොට අපේ ධීවරයින්ට ඒ රටට ගොඩ බසින්න පුළුවන් ‘යැයි මුහුදු කොල්ලකරුවන්ගේ ග්රහණයෙන් මුදවා ගත් ලොරෙන්සෝ පුතා 4 යාත්‍රාවේ හිමිකරු ෆ්‍රැන්සිස් මිල්රෝයි පෙරේරා පැවසීය.
ශ්‍රී ලංකා රජයට හා සීෂෙල්ස් රජයට ස්තූති කිරීම සඳහා (ජනවාරි 30 වැනිදා) පෙරවරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේබව කියා සිටියේය.
සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමය මේ මාධ්‍ය හමුව කැඳවා තිබු අතර එහිදී එහි ලේකම් රුවන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ මෙවැනි අත්දැකීමක් ලැබුණු පළමු අවස්ථාව මෙය බවය. ධීවර දෙපාර්තුමේන්තුව හා ශ්‍රී ලංකා නාවික හමුදාව මේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීම එක් දිනක් ප්‍රමාද කළේ නම් මේ යාත්‍රාව මුහුදු කොල්ලකරුවන්ගෙන් බේරා ගැනීමට නොහැකි වන බවද ඔහු පැවසීය.