සුපිරි අමෙරිකානු සන්ධානයක් ගොඩනැගීමට අමෙරිකානු ජනපතිගෙන් සැලසුම්

චීනය සමඟ දීර්ඝ කාලීන උපායමාර්ගික තරඟයකට සූදානම් වන ලෙස අමෙරිකානු ජනපති ජෝ බයිඩන් යුරෝපීය සහ ආසියානු හවුල්කරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
මියුනිච් ආරක්ෂක සමුළුව අමතමින් ජෝ බයිඩන් මෙම ඉල්ලීම සිදුකර තිබෙනවා.
ලෝකයේ මතුවෙමින් පවතින ප්‍රවනතා අනුව චීනය සමඟ තරඟකාරිත්වය දැඩි වනු ඇති බවටයි අමෙරිකානු ජනපතිවරයා විශ්වාසය පල කළේ.
ජාත්‍යන්තර ආර්ථික ක්‍රමයේ ආරක්ෂාවට දැඩිව බලපාන චීන රජයේ ආර්ථික අපයෝජන හා බලහත්කාරයට එරෙහිව සැලසුම් සකස් කළ යුතු බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.
තාක්‍ෂණික දියුණුව සහ සයිබර් අවකාශය, කෘතිම බුද්ධිය,ජෛව තාක්‍ෂණය වැනි ක්‍රියාකාරකම් වල නියමයන් පාලනය කරන නීති රීති හඳුන්වා දිය යුතු අතර ඒවා ලෝකයේ ආරක්ෂාවට වැදගත් විය හැකි බවද ඔහු අවධාරණය කළා.
දේශගුණික විපර්යාස , කොරෝනා වසංගතය වැනි පොදු අභියෝගයන්ට මුහුණ දීම සඳහා පොදුව සන්ධානගත විය යුතු බවයි ඔහු අවධාරණය කර තිබුණේ.ඒ අනුව අත්ලාන්තික් සාගර සන්ධානය යලි ආරම්භ කරන බවද ඔහු අවධාරණය කළා.
ඊට අමෙරිකාව, කැනඩාව, යුරෝපා සංගමය , නේටෝ සංවිධානය, ඔස්ටේ්‍රලියාව ඇතුලු පොදුරාජ්‍ය මණ්ඩලයේ රටවල් රැසක් එක්වීමට නියමිතයි.

පුවත යවන්න