සුවස් ඇළ අවහිර කරමින් සිරවී තිබු කන්ටේනර් නෞකාව අර්ධ වශයෙන් ඉන් මුදාගෙන තිබෙනවා
සී එන් එන් වෙත අදහස් දක්වමින් සූවස් ඇළ පාලන අධිකාරිය පවසන්නේ නෞකාව මේ වන විට සූවස් ඇළ මාර්ගයේ පාවීම ආරම්භවී ඇති බවයි.
එය නියමිත පරිදි දිශාගත කිරීම හා ඉදිරි අවසන් මෙහෙයුම් මේ වන විට සිදුවන බවයි එම ඒකකයේ ප්‍රධානි ජෙනරල් ඔසාමා රාබි පවසන්නේ.
මෙය පූර්ණ මුදා ගැනීමක් නොවන බවද ඔහු සදහන් කළා.
අධික සුළඟ සහ කුණාටු තත්ත්වයක් හේතුවෙන් පාවී ගොස් මීට සතියකට පමණ පෙර දී සුවස් ඇළ අවහිර කරමින් සිරවූ නෞකාව හේතුවෙන් ලෝකයේ නාවික ගමනාගමනයට සැලකිය යුතු බලපෑමක් එල්ලවී තිබෙනවා.
ඒ යුරෝපය හා ආසියාව අතර ප්‍රධානතම නාවික මාර්ගය අවහිර වීම මතයි.
ඒ අනුව තවත් දින කිහිපයක් ඇතුළත සුවස් ඇළ ආශ්රිත නාවික ගමනාගමනය යථා තත්ත්වයට පත්වනු ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සදහන් කළේ.