හමුදා ආරක්ෂාව සහිතව ඉන්ධන බවුසර් මුදාහරී

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කොළොන්නාව නිමාවෙන් අද (28) රාත්‍රී හමුදා ආරක්ෂාව සහිතව ඉන්ධන බවුසර් මුදා හැරීමට පියවර ගෙන තිබෙනවා.

කොළොන්නාව නිමාවෙන් පිටත් වන සෑම ඉන්ධන බවුසරයක් සඳහාම මෙලෙස යුද හමුදාවේ ආරක්ෂාව ලබා දී තිබූ බවයි බවයි නවතම වාර්තා සදහන් කළේ.

ඛනිජ තෙල් තොග ගබඩා සංකීර්ණවලින් තෙල් නිකුත් කිරීම නවතා දමමින් තෙල් සංස්ථා වෘත්තීය සමිති, වෘත්තීය ක්‍රියාමාර්ගයක් අද පස්වරුවේ ආරම්භ කළ අතර සංස්ථාව පෞද්ගලීකරණයට විරෝධය දක්වමින් ඔවුන් අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගය මේ වනවිට වැඩ වර්ජනයක් දක්වා ව්‍යාප්ත කර තිබෙනවා.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය, කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ වෘත්තීය සමිති වලට එරෙහිව විනය හා නීතිමය පියවර ගන්නා ලෙස අදාළ ආයතන ප්‍රධානීන්ට දැනුම් දුන් බවයි.

මේ අතර අද (28) පස්වරුවේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ, ඉන්ධන ප්‍රමාදයකින් තොරව බෙදාහැරීමට සංස්ථාව කටයුතු කරන බවයි.

එම කටයුතු සඳහා පොලීසිය සහ ආරක්ෂක අංශවල ආරක්ෂාව ලබාගෙන ඇති බව ද අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන්.

පුවත යවන්න