හරිම වෙලාවට එළියට බහින්න නව සන්ධානයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යස්ථ පාර්ශව එක් කර ගනිමින් නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා.
ඒ අනුව පොදුජන පෙරමුණ හා එක්වීමට කැමැත්තක් දක්වන නිදහස් පක්ෂයේ පාර්ශවය හැර අනෙක් කොටස සම්බන්ධ කර ගනිමින් මෙම නව සන්ධානය ගොඩනැගීමේ සැලසුම ක්‍රියාත්මක කරමින් පවතින්නේ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය බවද අනාවරණයේ දැක්වෙනවා.
මෙහිදී පොදුජන පෙරමුණ හා එක්ව මැතිවරණයට තරග කිරීමට දැඩි අකමැත්තක් දක්වන නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් 50ක පමණ කණ්ඩායමක් සහ එහි ප්‍රබලතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද මෙම නව සන්ධානයට එක්වනු ඇති බවද සදහන්.
මේ යටතේ නව සිහල උරුමය පක්ෂය මෙම නව සන්ධානය වෙනුවෙන් ලබා ගැනීම සදහා සාකච්ජා ක්‍රියාත්මක බවද විශ්වසනීය වාර්තා හෙළිකරනු ලැබුවා.
අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන නිදහස් පක්ෂයේ ප්‍රබලයකු මෙන්ම එහි ඉහළතම නායකත්වය සමීප පුද්ගලයන් පිරිසක් පවා මෙම තීරනාත්මක මෙහෙයුම පසුපස ක්‍රියාත්මක වන බවයි තහවුරුව ඇත්තේ.