හෙට (15) ඩීසල් රැගත් නෞකාවක් දිවයිනට

හෙට (15) දිනයේ ඩීසල් රැගත් නෞකාවක් දිවයිනට සේන්දු වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති උවයිස් මෙහොමඩ් මහතා සඳහන් කළේ, මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් නෞකාවක් එලෙස මෙරටට සේන්දු වන බවයි.

ඒ සඳහා මේ වනවිටත් මුදල් ගෙවා ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

සභාපතිවරයා පැවසුවේ, තවත් පෙට්‍රල් හා ඩීසල් නෞකා කිහිපයක් ඉදිරි සතියේ මෙටට ළඟා වීමට නියමිත බවයි.

 

පුවත යවන්න