හෙට(16) සිට දිනපතා රාත්‍රියේ නිරෝධායන ඇඳිරි නීතිය

හෙට (16) රාත්‍රි 10 සිට අලුයම 04.00 දක්වා සෑම දිනකදීම දිවයිනම ආවරණය වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබෙනවා.

අත්‍යවශ්‍ය සේවාවන් සඳහා යොදවා ඇති පුද්ගලයින්ට හැර සෙසු පුද්ගලයින්ට එම කාලය තුළ සංචරණය තහනම් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළා.

පුවත යවන්න