අද (23) පැය 4යි විනාඩි 40ක් විදුලිය නෑ

බලාගාර සඳහා ඉන්ධන නොමැතිවීම හේතුවෙන් මොගවොට් 700 ක ඌනතාවක් ඇතිවීමෙන් අද (23) දිනයේ ඒ බී සහ සී යන කළාපවලට පැය 4 යි විනාඩි 40 ක් ද, සෙසු කළාපවලට පැය 4 යි විනාඩි 30 ක් ද, විදුලිය විසන්ධි කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා  (22) පස්වරුවේ පැවසීය.

පෙරවරු 8.30 සිට රාත්‍රී 10.30 දක්වා ඒ බී සහ සී කාණ්ඩවල විදුලි කප්පාදු ක්‍රියාත්මක අතර එය පෙරවරුවේ පැය දෙකක් සහ රාත්‍රී පැය 2 යි විනාඩි 40 ක් ලෙස ද,  සෙසු කාණ්ඩවල පෙරවරු 8.30 සිට රාත්‍රී 9.30 දක්වා විදුලි කප්පාදු ක්‍රියාත්මක අතර එය පෙරවරුවේ පැය දෙකක් සහ රාත්‍රී පැය 2 යි විනාඩි 30 ක් ලෙස ද සිදුවන බවත් රත්නායක මහතා කීය.  

පුවත යවන්න