හෙළි කළ තොරතුරු ගැන ශ්‍රී ලංකාව ස්වාධීන පරීක්ෂණයක් කළ යුතුයි – TISL

පැන්ඩෝරා ලේඛනයෙන් අනාවරණ කළ තොරතුරු පිළිබඳව ශ්‍රී ලංකාව ස්වාධීන පරීක්ෂණයක් කඩිනමින් සිදු කළ යුතු බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසනවා.

එම ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පැන්ඩෝරා ආයතනය හෙළි කළ මුදල් ගනුදෙනු ශ්‍රී ලංකාවේ පොදු සම්පත් අවභාවිතය මගින් උපයාගත් මුදල් දැයි සොයා බැලීමට පුළුල් අභයන්තර විමර්ශනයක් සිදුකළ යුතු බවයි.

මෙම වාර්තාවන් මගින් හිටපු අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ නම ද අනාවරණ කර තිබුණා.

පුවත යවන්න