පසුගිය වසර දෙකක කාලය තුල හොංකොං පොලිසිය විසින් රාජ්‍ය ද්‍රෝහි චෝදනා මත පුද්ගලයන් 10,200 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි අනාවරණ කර තිබෙනවා.
සවුත් චයිනා මෝනිං පෝස්ට් පුවත්පතට අනුව මේ අතරින් 600 කට සිර දඩුවම් නියම කර ඇති බවයි හෙළිකර ඇත්තේ.
චීනයට එරෙහිව නිදහස් හොංකොං පාලනයක් වෙනුවෙන් අරගල කිරීම මෙම දඩුවම් ලබාදීමට මුල්ව තිබෙනවා.
මේ අතරින් 2500 දෙනකුට එල්ල කර ඇත්තේ කැරලි ගැසීමේ චෝදනාවයි.
ඒ අනුව නිදහස් මතවාද ප්‍රකාශ කිරීමේ අයිතිය හොංකොං කලාපය තුල අහිමි කරන බවටයි චෝදනා එල්ලවන්නේ.