හෝමාගම රෝහලත් උපරිම ධාරිතාවට/ අසාධ්‍ය රෝගීන් වැඩිවෙයි/ බහුතරයකට ඔක්සිජන්

කොරෝනා රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර සපයන හෝමාගම මූලික රෝහල ද උපරිම ධාරිතාවට ළගා වී තිඛෙනවා.

රෝහල් වෛද්‍ය අධිකාරී විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා පැවසුවේ රෝහලට ඇතුළත් වන රෝගීන් බොහොමයක් අසාධ්‍ය රෝගීන් වන බවයි.

ඔවුන්ගෙන් බහුතරයකට ඔක්සිජන් ලබා දීමට සිදුව ඇති බව ද වෛද්‍යවරයා පෙන්වා දෙයි.

එමෙන්ම රෝහලේ දැඩිසත්කාර ඒකකයේ පවතින ඇදන් ප්‍රමාණය ද මේ වන විට සම්පුර්ණයෙන් පිරීගොස් ඇති බවයි විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා අවධාරණය කළේ.

පුවත යවන්න