වයස අවුරුදු 5ට අඩු දරුවන් රැකබලා ගන්නා ළමා නිවාසයක දරුවන් 11 දෙනෙකු ඇතුළු 51 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට අද (05) හඳුනාගෙන තිබේ.
ඒ එහි සේවිකාවක් කොවිඩ් ආසාදිත බවට හඳුනාගැනීමත් සමග අනෙකුත් අය සඳහා සිදුකර තිබූ ඇන්ටිජන් පරීක්ෂණවලදීය.
බණ්ඩාරවෙල සුජාතා සෙවන ළමා නිවාසයේ මෙම කොවිඩ් අවදානම මතුව තිබේ.
බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් අද දිනයේ එම ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර ඇත.
එහිදී කුඩා දරුවන් 11 දෙනාට අමතරව සේවිකාවන් 6ක්, ගුරුවරුන්, ආපනශාලාවේ දෙදෙනෙකු සහ අධිකරණ නියෝග මත රඳවා සිටි දරුවන් 7 දෙනෙකු ඇතුළු පිරිසක් එළෙස කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.