අගමැතිකම පිළිගන්නා ලෙස ආ ඉල්ලීම සජිත් ප්‍රතික්ෂේප කරයි

අගමැති ධුරය පිළිගෙන අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ ආරාධනය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ප්‍රතික්ෂේප කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.

ආරංචි මාර්ග සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (07) විපක්ෂනායකවරයා දුරකථනයෙන් අමතා අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස් වූ පසු ආණ්ඩුව භාර ගන්නා ලෙස ඉල්ලා සිටි බවයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සමගාමීව ක්‍රියා නොකර අන්තර්වාර පාලනයක් පිහිටුවීම සඳහා එවැනි කිසිදු යෝජනාවක් භාර ගැනීම විපක්ෂ නායකවරයා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා මත පදනම්ව වත්මන් අර්බුදය විසඳීම සඳහා ජාතික වැඩසටහනකට සහාය දෙන බවයි සමගි ජන බලවේගය ඊයේ ප්‍රකාශ කළේ.

පුවත යවන්න