අගමැති හා කතානායකවරයා විශේෂ සාකච්ජාවක

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද උදෑසන විජේරාම පිහිටි නිල නිවසේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ජාවක නිරතවී තිබෙනවා.

කොවිඩ්-19 අභියෝගය හමුවේ ලබන 09 වැනිදා පාර්ලිමේන්තු සභාවාරය ආරම්භය සම්බන්ධව මෙහිදී අවදානය යොමුවූ බව සදහන්.

සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව පාර්ලිමේන්තුවේ කටයුතු නිසියාකාර පවත්වාගෙනයාම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍වරයා මෙහිදී අවධානය යොමුකර තිබෙනවා.

පුවත යවන්න