අග්‍රාමාත්‍ය කාර්යාලයට දැඩි හමුදා ආරක්ෂාවක්

අග්‍රාමාත්‍ය කාර්යාලයට දැඩි මට්ටමේ හමුදා ආරක්ෂාවක් යොදවා තිබෙනවා.
අගමැතිවරයාට හා ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බල කරමින් අද ක්‍රියාත්මක විරෝධතා මත මෙම පියවර ගෙන තිබෙනවා.
අගමැතිවරයා ජනපති ධූරයේ රහසිගතව දිවුරුම් දීමේ සූදානමක් පවතින බවට වාර්තා පැවතීම මත විරෝධතාකරුවන් කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් වෙත ගමන් කරමින් පවතිනවා.මෙහිදී එක් අවස්ථාවක ආරක්ෂක අංශ විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර තිබුණා.

 

පුවත යවන්න