උතුරු මොරොක්කෝවේ අඩි 100ක් ගැඹුරු ළිඳකට ඇද වැටුණු පස් හැවිරිදි පිරිමි දරුවා බේරා ගැනීමේ මෙහෙයුම අවසන් අදියරට ළගාවෙමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණ කර තිබෙනවා.
දින 4ක් පුරා ගැඹුරු පොළවේ සිරව සිටින දරුවා වෙත ළගාවීඹට තවත් අඩි 10ක පමණ දුරක් ගමන් කළ යුතු බවයි ගලවා ගැනීමේ කණ්ඩායම පවසන්නේ.
මෙය මෙහෙයුමේ වඩාත් අවදානම් හා තීරණාත්මක කොටස ලෙස ද නම් කර තිබෙනවා.
ප්‍රාදේශීය මාධ්‍ය විසින් රයන් ලෙස නම් කර ඇති දරුවා මුදාගැනීමේ මෙහෙයුම ඊයේ පස්වරුවේ තාවකාලිකව නවතා දැමුණා.
ඒ එම ස්ථානයේ පස් කඳු කඩා වැටෙනු ඇතැයි යන බිය මතයි.
#SaveRayan Five years old Moroccan boy trapped in tiny tunnel 32 meters deep. Has been trapped for 3 days. All eyes on rescue mission. Pray for him. 🙏 pic.twitter.com/jrxDcBUYap
— Samar D Jarrah (@SamarDJarrah) February 4, 2022
ගලවා ගැනීමේ කණ්ඩායම් සාමාජිකයින් දෙදෙනෙකු විසින් අතින් පස් ඉවත් කරමින් මේ වන විට දරුවා වෙත ළගාවීමට තැත් කරන බවයි අනාවරණ කෙරුණේ.
මේ වන විට මෙහෙයුමට දායක වූ පිරිස් ද දැඩි විඩාවකින් පසුවන බවයි ජාත්‍යන්තර මාධ්‍ය පැවසුවේ.
අඟහරුවාදා සවස මොරොක්කෝවේ ඉග්රාන් ගම්මානයේදී මෙම අනතුර සිදු වන විට දරුවා ළිඳ අලුත්වැඩියා කරමින් සිටි ඔහුගේ පියා සමඟ සිටි බව වාර්තා වනවා.
පසුව පටු විවරයක් තුලට ඇද වැටුණු දරුවා අඩි 100ක් දක්වා ගැඹුරට ඇදී ගොස් සිරවී තිබුණා.
මේ වන විට දරුවා අසලට බට 2ක් මගින් ඔක්සිජන් හා ජලය සපයන අතර දරුවා තුවාල ලබා සිටින ආකාරයක් පෙන්නුම් කරන බවයි හෙළිකර ඇත්තේ.
ගතවූ දිනවලදී රයන් ජලය පානය කිරීමට තැත් කළ දර්ශන හෙළිවූ අතර මේ වන විට චලනය අවම වෙමින් පවතින බවද ගලවා ගැනීමේ කණ්ඩායම් සදහන් කළා.
ඔහු බේරා ගැනීමට දරන උත්සාහය ලෝකය පුරා සජීවීව නරඹන අතර දචරුවා බේරා ගැනීමට අවස්ථාව ලැබේවා යන්න සැමගේ ප්‍රාර්ථනයයි.
මේ අතර සිය සොහොයුරා බේරා ගැනීමට ආගාධය තුලට ගමන් කිරීමට රයන්ගේ 10 හැවිරිදි සොයුරා සංවේදීව උත්සාහ දැරීම ලොව පුරා බොහෝ දෙනෙකු සංවේදී කිරීමට සමත්ව තිබෙනවා.
තමන් මරණයට බිය නොවන අතර සිය සොහායුරා ගලවා ගැනීම එහි යා යුතු බවයි ඔහු සදහන් කළේ.
සිය සොයුරා පොලව අභ්‍යන්තරයේ හුදෙකලාව සිටින බවත් එය ඔහුට දැරිය නොහැකි බවත් 10 හැවිරිදි දරුවා ප්‍රකාශ කර තිබුණා.
දරුවා ආරක්ෂාතව පිටතට ගත් වහාම රෝහල් ගත කිරීමට හෙලිකොප්ටර් යානයක් ද ඒ ආසන්නයේ රදවා තිබෙනවා.
මැන්චෙස්ටර් සිටි සහ ඇල්ජීරියානු පාපන්දු ක්‍රීඩක රියාඩ් මහේස් ඇතුළු ලොව පුරා ප්‍රකට පුද්ගලයන්ද ශක්තිමත්ව සිටින්න රයන් යනුවෙන් සමාජ මාධ්‍ය තුල දරුවා වෙනුවෙන් සටහන් තබා තිබෙනවා.