අත්‍යවශ්‍ය ඖෂධ ලබා ගැනීම සඳහා රටවල් හතක් සමග සාකච්ඡා

මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ ලබා ගැනීම සඳහා රටවල් හතක් සමග සාකච්ඡා ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා හෙළිකර තිබෙනවා.
ඉන්දියාව බංග්ලාදේශය, ඉන්දුනීසියාව,චීනය, ජපානය, තායිලන්තය සහ කොරියාව යන රටවල් සමග මීට අදාළ සාකච්ජා ක්‍රියාත්මකයි.

ඉන්දීය ණය සහන යටතේ දැනටමත් ඖෂධ තොග ලැබෙමින් පවතින බව අතර අනෙක් රටවල් ද මේ සඳහා සාධනීය ප්‍රතිචාර පළ කර තිබෙනවා.
ලංකාවට ඖෂධ පරිත්‍යාග කිරීම සඳහා විදේශයන්හි ශ්‍රී ලාංකිකයන් සහ පරිත්‍යාගශීලීන් රැසක් ඉදිරිපත්ව සිටින බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.

පුවත යවන්න