කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 846 දෙනෙකු අද (02) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා.
අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3,627ක්.
ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 447,749ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
මේ අතර කොවිඩ් මරණ 204ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.
මෙම මරණ 204ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 9,604ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පැවසුවා.
ඊයේ සිදුව ඇති එම කොවිඩ් මරණ 204න් 95 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 109දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.
මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 149 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයින් 3 දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු ද සිටින බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ සදහන්.
එමෙන්ම මියගිය පුද්ගලයින්ගෙන් 50 දෙනෙක් අවුරුදු 30-59ක් අතර පුද්ගලයින් බව සෞඛ්‍ය අංශ සඳහන් කළා.