කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 726 දෙනෙකු අද (08) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,956ක්.
ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 329,994ක් දක්වා ඉහළගොස් ගියා.
එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 2,563ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 293,357ක් බවට පත්වුණා.