අද දිනයේ කොරෝනා ආසාදිතයින් 829 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.
මේ අතරට විදෙස්ගතව සිට පැමිණ හඳුනාගත් ආසාදිතයින් 09 දෙනෙකු ද වන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේ.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 598,536ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
මේ වනවිට කොරෝනා ආසාදනය වීමෙන් රෝහල්ගතව හෝ නිවෙස්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 14,656ක්.