කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 450 දෙනෙකු අද (23) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,368ක්.
ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 510,040ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 16,720ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 451,742ක්.