අද (22) දිනය තුළ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 586ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,721ක්.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 291,291ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 997ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 264,755ක්.
තහවුරු කර ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,959ක්.