අඩි 2,200ක විශාලත්වයකින් යුත් දැවැන්ත ග්රහකයක් අද පෘථිවිය ආසන්නයෙන් ගමන් කිරීමට නියමිතව තිබෙනවා.
2001 එෆ් ඕ 32 ලෙස නම් කළ මෙම ග්රහකය මෙම වසරේ මේ දක්වා පෘථිවියට ආසන්න වන විශාලතම ග්රහකය බවයි නාසා ආයතනය පවසන්නේ.
මෙය දකුණු දිග අහසේ දීප්තිමත් වස්තුවක් ලෙස දැකගත හැකිවන අතර එය වඩාත් පැහැදිලිව දැක ගැනීමට දුරේක්ෂයක් භාවිත කළ යුතුයි.
පෘථිවියට සැතපුම් මිලියන 1.25 ක් දුරින් එය ගමන් කරන අතර එය සඳහා පෘථවිය අතර දුර මෙන් 5 ගුණයක් තරම් දුරකින් යුක්ත වනවා.
පැයට සැතපුම් 77,000 ක් වේගයෙන් එය නික්ම යාමට නියමිතයි.