අද සිට දිවයින පුරා සංචරණය සීමා වන වෙලාව

අද සිට ලබන 31 වනදා දක්වා රාත්‍රි 11 සිට අලුයම 04 දක්වා දිවයින පුරා සංචරණ සීමා පැනවීමට තීරණය කර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ඒ අනුව එම කාලය තුළ ගමනාගමන කටයුතු සඳහා අවසර හිමිවන්නේ අත්‍යවශ්‍ය සේවා සහ ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු සඳහා පමණක් බවයි.

පුවත යවන්න