අද (27) පැය 3ක විදුලි කප්පාදුවක්

අද (27) දිනයේ  පැය 3ක විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එහි සභාපතිවරයා පැවසුවේ, හෙට (28) සිට පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදු කරන බවයි.

මේ අතර දෝෂයක් හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය අක්‍රියවීමත් සමග දෛනික විදුලි කප්පාදුව සිදු කෙරෙන කාලය වැඩි කිරීමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම අද උදෑසන පැවසී ය.

මේ වන විට නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් දෙවන ජනන යන්ත්‍රය නඩත්තු කටයුතු සඳහා අත්හිටුවා තිබේ.

ඒ අනුව මෙගාවොට් 900 කින් යුත් විදුලි බලාගාරයේ මේවන විට ක්‍රියාත්මක යන්නේ මෙගාවොට් 300 කින් යුත් එක් ජනන යන්ත්‍රයක් පමණයි.

පුවත යවන්න