අධික උණුසුම සමඟ ඇති වූ ලැව් ගිනි හේතුවෙන් කැනඩාවේ ලිටන් ගම්මානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි
නගරයේ උෂ්ණත්වය සටහන් වී ඇත්තේ සෙල්සියස් අංශක 49.6 ක් ලෙසය
දශක ගණනාවකට පසු කැනඩාවට බලපෑ මෙම උණුසුම් කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 486 ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි
මෙම ගිණි ගැනීම් වලින් මිය ගිය බොහෝ පිරිස වයෝවෘද්ධ පුද්ගලයන් වෙයි
ගින්නත් සමඟ නගර වල ජනතාව කඩිනමින් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර ඇත