අන්තර්වාර ආණ්ඩුවක් ගැන ජනපති සමග කතා කළේ නෑ / වාසුදේව නානායක්කාර

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අතර පැවති සාකච්ඡාවේදී අන්තර්කාලීන ආණ්ඩුව ගැන සාකච්ඡාවක් සිදුනොවූ බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා.

අදාළ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

මාධ්‍යවේදියා –  අන්තර්කාලීන ආණ්ඩුවකට ජනාධිපතිවරයා කැමති වුණාද ?

වාසුදේව නානායක්කාර මහතා – “නැහැ.. එහෙම සාකච්ඡාවක් ගියේ නැහැ.”

මාධ්‍යවේදියා – ජනාධිපතිතුමාගේ ප්‍රතිචාරය කොහොමද ?

වාසුදේව නානායක්කාර මහතා – “සාමාන්‍ය හිතවත්කම තිබුණා. වෙනදා වගේ..”

මාධ්‍යවේදියා – පක්ෂ 11 රැස්වෙලත් මේ සාකච්ඡාව කරගන්න බැරි වුණා ද ?

වාසුදේව නානායක්කාර මහතා – “බැරි වුණා.” 

පුවත යවන්න