අන්තර් පළාත් ප්‍රවාහන සේවා සීමා සහිතව අගෝස්තු පළමුවනදා සිට ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
සංචරණ සීමා ඉවත් නොකළ ද පළාත් අතර සීමිත බස් සහ දුම්රිය ප්‍රමානයක් ධායනය සදහා එක් කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.
මාතරදී මාධ්‍යට අදහස් දක්වමින් දිලුම් අමුණුගම මහතා පැවසුවේ පළාත් සංචරණ සීමා ඉවත් කළහොත් පුර්ණ වශයෙන් ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කරන බවයි.