අන්තරේ කැඳවුම්කරු ඇතුළු 6ක් අල්ලයි

අන්තර්විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, රංගන ශිල්පියකු වන ජෙහාන් අප්පුහාමි ඇතුළු 06 දෙනෙකු අද පැවැති විරෝධතාව අතරතුර පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගන්නා ලෙස මීට පෙර අධිකරණය වරෙන්තුවක්ද නිකුත් කර තිබුණා.

කොළඹ යූනියන් පෙදෙස අවහිර කිරීමත් සමග අන්තරේ විරෝධතා පා ගමන පොලිසිය විසුරුවා හැරියේ කදුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරමින්.

පුවත යවන්න