අන්තරේ කිසිවක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ‌ගැනීමේ බලාපොරොත්තුවක් නැහැ – අගමැති

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ (30) සංවිධානය කළ විරෝධතාව අතරතුර පොලිස් භාරයට ගත් කිසිවකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට නොගන්නා බව දැනුම් දී ඇතැයි, අග්‍රාමාත්‍යවරයා පවසයි.

අත්අඩංගුවට අරගෙන තිවෙනවා නම්, ඒ අරගෙන තියෙන කිසිවෙකු, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට පත් කරන්න බලාපොරොත්තුවක් නැති බව මේ වන විට අපිට දන්වලා තියෙනවා

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මේ බව පැවසුවේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු ලෙසයි.

ඊයේ පැවති විරෝධතා පාගමනේදී කිසිදු හේතුවක් නොමැතිව පුද්ගලයින්  25 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විපක්ෂ නායකවරයා එහිදී කියා සිටියේ ය.

ත්‍රස්ත පනත යටතේ අත්අඩංගුවට පත්වූවන් නිදහස් කරන්නැයි, බල කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ පස්වරුවේ මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිටින් ආරම්භ කළ විරෝධතා පා ගමන  විසුරුවා හැරීමට පොලීසිය ඊයේ ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර එහිදී  විරෝධතාකරුවන් 25  දෙනෙකු අත්අඩංගුවට ගැනිණ.

සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු  පිරිසක් ද එක්ව සිටි අතර පොලිසිය පැමිණ දැනුම් දුන්නේ පූර්ව අවසරයක්නැ නොමැතිව විරෝධතා පාගමන පැවැත්වීමට අවසර දිය නොහැකි බවයි.

මරදාන ටෙක්නිකල් හංදිය ආසන්නයේ පොලිසිය, විශේෂ කාර්ය බලකාය හා කැරලි මර්දන කණ්ඩායම් මාර්ගය අවහිර කර තිබූ අතර විරෝධතාකරුවන් පසුව ආපසු හැරී නැවතත් මරදාන හරහා ලිප්ටන් වටරවුම දෙසට ගමන් කළ  අතර සෞඛ්‍ය අමාත්‍යාංශය ආසන්නයේදී පිරිස විසුරුවා හැරීමට පියවර ගත්තේ ය.

එහිදී පිරිසක් අත්අඩංගුවට ගත් අතර සෞඛ්‍ය සේවකයින් ඊට විරෝධය දැක්වීම නිසා ඔවුන් අතර සිටි කිහිප දෙනෙකු ද පසුව අත්අඩංගුවට ගැනිණ.

පුවත යවන්න