අපරාධ කොට්ඨාසයට හදිසියේ ආ කාදිනල් හිමියන්

බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින මුනී නම් සැකකරුගේ සුව දුක් බැලීම සදහා අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණියා.

බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස විශ්‍රාමික වෛද්‍ය අධිකාරිවරයෙකු අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ලබා ගත් තොරතුරුවලට අනුව තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මුනී නම් සැකකරුගේ සුවදුක් සොයා බැලීම සදහා අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුලු රදගුරු පදවියේ පියතුමන්ලා කිහිපදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත අද පැමිණියා. අද දිනයේදී අදාළ සැකකරුට නිදහස ලබාදීමට පොලීසිය කටයුතු කරනු ඇති බවටයි ඔවුන් බලාපොරොත්තු වන්නේ.

පුවත යවන්න