අපි විමසිල්ලෙන් ඉන්නේ / වරාය නගරය ගැන ඉන්දියාවෙන් ප්‍රකාශයක්

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉන්දීය විදෙස් කටයුතු අමාත්‍යංශය අදහස් පළකර තිබෙනවා.

එහිදී ඉන්දියාව පවසා ඇත්තේ දෙරට අතර සමුද්‍රීය ක්ෂේත්‍රයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති අන්‍යෝන්‍ය එකඟතාව ඇතුළු “විශිෂ්ට ද්විපාර්ශ්වික සහයෝගීතාව” ශ්‍රී ලංකාව ට මතක ඇති බවයි.

“අපේ රටේ ආරක්ෂාව ගැන සිතලා වෙනදේ ගැන ඉන්දියාව විමසිල්ලෙන් ඉන්නේ,” යනුවෙන් ඉන්දීය විදෙස් කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක එරින්දාම් බාග්චි පවසා ඇති බව “ද හින්දු” පුවත්පත වාර්තා කළා.

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ රාමුව පිළිබඳව ශ්‍රී ලංකාව තුළ විවිධ පාර්ශ්ව මතුකරන කරුණු සම්බන්ධයෙන් ඉන්දියාව විමසිල්ලෙන් සිටින බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

පුවත යවන්න