අමෙරිකානුවන්ගේ සෞඛ්‍ය දත්ත සොරකම් කරලා ?

කොරෝනා වසංගතයේ අවදානම මැද අමෙරිකානු ජනතාවගේ ඪී එන් ඒ සම්බන්ධ දත්ත සොරකම් කිරීමකට ලක්ව ඇතැයි අමෙරිකානු බුද්ධි අංශ අනාවරණ කර තිබෙනවා.
අමෙරිකන් ඩේලි පුවත්පත මෙම අනාවරණය සිදුකර තිබුණේ ඉන්දු චීන සබඳතාවයන් පිළිබද නව වාර්තාවක් එළිදක්වමින්.
චීන ජෛව තාක්‍ෂණ කණ්ඩායමක් වන BGI විසින් රටවල් බහුතරයකට කොරෝනා පරීක්ෂණ කට්ටල ලබා දීම පසුගිය සමයේ සිදුකර තිබුණා.
ඒ යටතේ අමෙරිකාව තුල පමණක් චීනයට සම්බන්ධ පර්යේෂණාගාර 18 ක් විවිධ ස්වරූපයන්ගෙන් ක්‍රියාත්මක කර ඇති බවයි එම වාර්තාව පවසන්නේ.
දැනට හෙළිවී ඇති කරුණු අනුව අමෙරිකානු වැඩිහිටියන්ගේ සෞඛ්‍ය දත්තවලින් සියයට 80ක් චීනය විසින් ලබාගෙන ඇතැයි ද මෙම වාර්තාව පවසනවා.
ඒ අනුව කොරෝනා වසංගතය උපක්‍රමශීලීව භාවිත කරමින් චීනය අයුතු වාසි ලබාගෙන ඇති බවයි අමෙරිකානු බුද්ධි අංශ වාර්තා උපුටා දක්වමින් අමෙරිකන් ඩේලි වාර්තා කළේ.
මෙම චෝදනා සම්බන්ධයෙන් චීනය මෙතෙක් නිල ප්‍රතිචාරයක් දක්වා නැහැ.

පුවත යවන්න