අමෙරිකානු ආරක්ෂක ලේකම්ටත් කොරෝනා

අමෙරිකානු ආරක්ෂක ලේකම් ලියොඩ් ඔස්ටින් හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් පෙන්ටගනයේ ප්‍රධානියා පැවසුවේ අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා මධ්‍යස්ථ මට්ටමේ රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර ඔහු දින 5ක නිරෝධායනයකට යොමුකර ඇති බවයි.
අමෙරිකාව තුල වේගවත් කොරෝනා ව්‍යාප්තියක් සිදුවෙමින් පවතින අතර පෙන්ටගනයේ නිලධාරීන් රැසක්ද වෛරසයට ගොදුරුවී තිබුණා.
අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයාගේ සමීපතමයන්ද නිරෝධායනය සඳහා යොමුකර ඇති බවයි පෙන්ටගන වාර්තා සදහන් කළේ.

ඉදිරියේ දී ඉහළම මට්ටමේ කොරෝනා රැල්ලකට අමෙරිකාව මුහුණදීමට නියමිත බවටද අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

පුවත යවන්න