අමෙරිකානු කොරෝනා එන්නතකින් ඉහළ සාර්ථකත්වයක්

අමෙරිකාවේ නොවැවැක්ස් එන්නත සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බව බ්‍රිතාන්‍යයේදී පැවැත්වූ සායනික පරීක්ෂණයකින් අනාවරණවී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම එන්නත සියයට 89.3 ක සාර්ථකත්වයක් පෙන්නුම් කරන බවයි.
පුද්ගලයන් 15,000 ක් භාවිත කරමින් මෙම පරීක්ෂාව සිදුකර තිබුණා.
ඊට සහභාගී කරගත් පිරිස වයස අවුරුදු 18 ත් 84 ත් අතර වයසේ පසුවන බවයි බ්‍රිතාන්‍ය වාර්තා පවසන්නේ.
බ්‍රිතාන්‍යයෙන් හමුවූ නව කොරෝනා වෛරස් ප්‍රභේදය මැඩපවැත්වීමට ද මෙම එන්නත සමත් බව හෙළිව තිබෙනවා.
මේ දක්වා එම වෛරස ප්‍රභේදයට එරෙහිව ඉහළම සාර්ථකත්වයක් පෙන්නුම් කළ එන්නතද මෙයයි.

ඒ අනුව පර්යේෂකයන් මෙය නම් කරනු ලබන්නේ මෙතෙක් නිර්මාණය වූ ඉහළම මට්ටමේ කොරෝනා එන්නත ලෙසයි.
මේ පිළිබද අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බෝරිස් ජොන්සන් පැවසුවේ එයට ඖෂධ නියාමන ඒකකයේ අවසර ලැබෙන තෙක් බලා සිටින බවයි.
අනතුරුව හදිසි මිලදී ගැනීමක් ලෙස බ්‍රිතාන්‍යය මෙම එන්නත් මාත්‍රා මිලියන 60 ක් මිලදී ගැනීමට එකඟවී තිබුණා.

පුවත යවන්න