අමෙරිකානු චීන වෙළද යුද්ධය යලිත් වර්ධනය වන ලකුණු

අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් චීනයේ ෂින්ජියැන්ග් කලාපයෙන් ආනයන තහනම් කරන ද්වි පාර්ශවීය පනතක් නැවතත් හදුන්වා දී තිනෙවා.
පසුගිය සැප්තැම්බරයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන සමය තුල සම්මත කළ යෝජනාවට මෙය සමාන බවයි රොයිටර් පුවත් සේවය පැවසුවේ.
ෂින්ජියැන් හි සුළුතර උයිගර්වරුන් හෝ වෙනත් මුස්ලිම්වරුන් හිංසනයන්ට ලක් කරන බවට චීනයට එල්ලවන චෝදනා පදනම් කර ගනිමින් මෙම ආනයන සීමා පැනවීමට නියමිතයි.
මෙම හිංසනයන් සඳහා වගකිව යුතු ඕනෑම කෙනෙකුට එරෙහිව සම්බාධක හෝ සීමාවන් පැනවීමට එක්සත් ජනපද ජනාධිපතිවරයාට නව නියමයන් මගින් බලය ලබාදෙනු ලබනවා.
මේ වන විට චෝදනා එල්ලවන ආකාරයට මිලියනයක පමණ උයිගර්වරුන් චීනයේ කදවුරු තුල රදවා ඇති බවටයි චෝදනා එල්ලවන්නේ.
කෙසේ වෙතත් මෙම චෝදනා චීනය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මෙම තත්ත්වය තුල අමෙරිකානු චීන වෙළඳ යුද්ධයක අවදානම යළි ඉහළ යන බවයි මාධය වාර්තා පෙන්වා දෙන්නේ.

පුවත යවන්න