නිදහස් ඉන්දු පැසිෆික් කලාපයක් වෙනුවෙන් බාධා නොකරන්නැයි අමෙරිකාව හා ජපානය සිදුකළ ඉල්ලීම චීනය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
දකුණු චීන මුහුදේ හිමිකම සම්බන්ධ චීනය දැඩි ස්ථාවරයක පසුවීම ඊට හේතුවයි.
තායිවානය, හොංකොං හා ෂීජියෑන් ප්‍රාන්තය සම්බන්ධ අර්බුධ චීනයේ අභ්‍යන්තර ගැටලු වන බැවින් බාහිර අතපෙවීම් හෙලා දකින බවද චීනය සදහන් කළා.
ජාතික ආරක්ෂාව හා ස්වාධීනත්වය වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටින බවයි එම වාර්තා මගින් චීනය පවසන්නේ.