අමෙරිකානු ඩ්‍රෝන යානය බිම හෙලූ රුසියානු ගුවන් නියමුවන්ට සම්මාන – Video

අමෙරිකාවට අයත් MQ-9 රීපර් ඩ්‍රෝන යානයක් කළු මුහුදට කඩා වැටීමට සැලැස්වූ රුසියානු හමුදා නියමුවන් දෙදෙනෙකුට රාජ්‍ය සම්මාන පිරිනමා තිබෙනවා.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය අද නිවේදනය කළේ මේජර් වසීලි වවිලොව් සහ මේජර් සර්ජි පොපොව් යන දෙදෙනාට රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු විසින් මෙම සම්මාන පිරිනැමූ බවයි.
කළු මුහුදට ඇතුළු වූ අමෙරිකානු ඩ්‍රෝන යානයට ඉන්ධන විසුරුවා හරිමින් හා එහි ගැටීමට සලස්වමින් ඩ්‍රෝන යානය අක්‍රිය කිරීමට මෙම නියමුවන් කටයුතු කර තිබුණා.
ක්‍රිමියාවේ සෙවෙස්ටාපෝල් ආසන්නයේ දී මෙම සිදුවීම වාර්තා වූ අතර එය විශේෂ මෙහෙයුම් කලාපයක් බවයි රුසියානු රජය සදහන් කළේ.

පුවත යවන්න