අමෙරිකානු යුධ නෞකා මැද පෙරදිග අඛණ්ඩව රැදවීමේ සූදානමක්

සිරියාවේ දී අමෙරිකානු කඳවුරකට එල්ලවූ ඉරාන හිතවාදී ඩ්‍රෝන ප්‍රහාරය සමග මැදපෙරදිග කලාපයේ අමෙරිකානු ප්‍රහාරක නෞකා කණ්ඩායමක් අඛණ්ඩව රදවා තැබීමට තීරණය කර තිබෙනවා.

නිවේදනයක් මගින් පෙන්ටගනය සදහන් කළේ මධ්‍යධරණි මුහුද තුල මෙම අමෙරිකානු යුධ නෞකා කණ්ඩායම රදවා තබන බවයි.

මේ අතරට යූ එස් එස් ලෙයිට් ගල්ෆ් , යූ එස් එස් ඩෙල්බර්ට් ඩී බ්ලැක් හා යූ එස් එන් එස් ආක්ටික් යුධ නෞකාවද අයත් බවයි නිවේදනය කළේ.

එච් ඩබ්ලිව් බුෂ් ලෙස නම් කරන මෙම යුධ නැව් සමූහය සිරියාවේ ඉරාන හිතවාදී ක්‍රියාකාරකම් පිළිබද නිරන්තර අධීක්ෂණය කරන බව ද දැනුම් දී තිබෙනවා.

හදිසි අවස්ථාවකදී ක්ෂණික ප්‍රතිචාර සදහා නාවිකයන් 8,000 ක් ප්‍රහාරක යානා 135ක් හා යුධ නැව් 31ක් ද මෙම කණ්ඩායම සමග ජාලගත කර තිබෙනවා.

පුවත යවන්න