අමෙරිකාවෙන් වාර්තාවන නව කොරෝනා ප්‍රභේදය බරපතල මට්ටමකින් පැතිර යන බව කැලිෆෝනියාවේ ලා ජොල්ලා හි පිහිටි ස්ක්‍රිප්ස් පර්යේෂණ ආයතනය අනාවරණ කර තිබෙනවා.
බ්‍රිතාන්‍යයෙන් ප්‍රථම වරට සොයාගත් කොරෝනා වයිරසයේ වඩාත් බෝවන ප්‍රභේදයක් මෙසේ අමෙරිකාව තුලින් පසුගිය මාසයේ හදුනාගත් අතර එහි ආසාදිතයන් ගණන සෑම දින 10කට වරක් දෙගුණ වන බවයි අනාවරණ කර ඇත්තේ.
ඉදිරි මාසය තුල මෙය බරපතල මට්ටමකට පත්විය හැකි අතර කොරෝනා මරන ඉහළ යා හැකි බවයි පර්යේෂකයන් පවසන්නේ.
මෙය බ්‍රිතාන්‍ය වෛරස ප්‍රභේදයට සමාන වුව ද එහි ව්‍යාප්තිය හා බරපතල මට්ටම දකුණු අප්‍රිකානු ප්‍රභේදයට සමානකම් දක්වා තිබෙනවා.
වෛරස් රෝග විද්‍යාඥ ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් පැවසුවේ ,මෙම අනාවරණය අමෙරිකානුවන්ගේ ඇස් ඇරවීමට හේතුවක් විය යුතු බවයි.