තායිවානය සම්බන්ධ අමෙරිකානු ප්රතිපත්ති වෙනසකට ලක් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව අමෙරිකාව තායිවානයේ නිලධාරීන් සමඟ රජයේ සබඳතා දිරිමත් කරමින් නව ප්රතිපත්තියක් ඉදිරිපත් කර ඇති බවයි , යාහූ පුවත් වාර්තා කළේ.
හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් අත්සන් කරන ලද නීතියකට අනුකූලව වොෂින්ටනය විසින් මෙම නියමයන් පනවා තිබෙනවා.
ඒ අනුව පෙරටත් වඩා තායිවානය පිළිගැනීම හා ලෝකය හමුවේ තායිවානය පිළිගැනීම සඳහා අමෙරිකාව දායකත්වය සැපයීමට නියමිතයි.
මෙම එකඟතාවයන් චීනයේ දැඩි විරෝධයකට ලක්ව ඇති බවද එම වාර්තා සදහන් කළා.