අමෙරිකාව විසින් යුක්රේනයෙන් තානාපති අංශ ඉවත් කර ගැනීමට තීරණය කළද යුරෝපාං සංගමයේ රාජ්‍යයන් එරටින් තානාපති අංශ ඉවත් කර නොගන්නා බව දැනුම් දී තිබෙනවා.
යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති , ප්‍රධානී ජෝශප් බොරෙල් සදහන් කළේ, මේ මොහොතේ යුක්රේනය අතහැර යාමට සූදානම් නොමැති බවයි.
මේ වන විටත් අමෙරිකානු තානාපති අංශවලින් කොටසක් හා පවුල් වල සාමාජිකයන් යළි අමෙරිකාවට කැදවමින් පවතින බවයි ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණ කළේ.
මතුවන අවදානමකදී යුක්රේනයේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින අතර අවශ්‍ය වුවහොත් ප්‍රහාරක යානා යොමුකරන බවයි යුරෝපා සංගමය දැනුම්දී ඇත්තේ.
මේ අතර නේටෝ සංවිධානය නිවේදනය කළේ , නැගෙනහිර යුරෝපයට අමතර නැව් සහ ප්‍රහාරක ජෙට් යානා යොමුකරන බවයි.
යුක්රේනය සමඟ දේශසීමා ආසන්නයේ රුසියානු හමුදා ගොඩ නැගීම මොස්කව් ආක්‍රමණයක් දියත් කිරීමට සැලසුම් කරන බවට බිය ජනිත කර ඇති අතර එය අභ්‍යන්තර දේශපාලන පෙරළියක් විය හැකි බවටද වාර්තා පලවනවා.