අමෙරිකාව හා යුරෝපය නව අභියෝගය වෙනුවන් එකම මඟකට

අමෙරිකාවේ නව රජය හා යුරෝපා සංගමය අතර සබදතා ශක්තිමත් කර ගැනීමට තීරණය කර තිබෙනවා.
අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් හා යුරෝපා සංගමයේ ,යුරෝපීය කොමිසමේ උප සභාපති ජොසෙප් බොරෙල් අතර පැවැති සාකච්ජාවකදීයි මෙම එකඟතාවයට එළඹ ඇත්තේ.
චීනය සම්බන්ධයෙන් මතුවන ජාත්‍යන්තර තත්ත්වයන් තුල දී අමෙරිකාව හා යුරෝපය පොදු එකතාවයකින් ක්‍රියාත්මක වීමට ද මෙහිදී කැමැත්ත පල කර තිබෙනවා.
පසුගිය සමයේ අමෙරිකානු යුරෝපා සබදතා අඩපණ වූ අතර ඒ හේතුවෙන් යුරෝපය හා චීනය අතර සබදතා තරවී තිබුණා.
කෙසේ වෙතත් විවිධ ගැටළු හේතුවෙන් චීනය සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයන් පවතින බවයි යුරෝපා සංගමයේ නියෝජිතයා පෙන්වා දී ඇත්තේ.
එම තත්ත්වයට මුහුණදීම සදහා මෙම අමෙරිකානු යුරෝපා එකඟතාවය ඉදිරියට රැගෙන යාමට නියමිතයි.

පුවත යවන්න