අයි ඩී එච් රෝහලේ උපරිම සීමාවට කොරෝනා ආසාදිතයන් /ඔක්සිජන් අවශ්‍යතාවයත් ඉහළට

අයි.ඩී.එච් රෝහලේ පවතින ඉඩ ප්‍රමාණයට වඩා මේවන විට කොරෝනා ආසාදිතයන් ඇතුලත් කර ඇති බව එම රෝහල් ආරංචි මාර්ග අනාවරණ කළා.

එහි රෝගීන් 120 දෙනෙකුට ඉඩ පහසුකම් පවතින අතර මේවන විට කොවිඩ් ආසාදිතයන් 138 දෙනෙකු එහි ප්‍රථිකාර ලබන බව සදහන්.

එමෙන්ම එහි දැඩිසත්කාර ඒකකයේ ඇති ඇඳන් 08ම මේ වන විට රෝගීන් සඳහා යොදවා තිබෙනවා.

එම රෝහලේ සිටින ආසාදිතයන්ගෙන්ගෙන් සියයට 20ට පමණ ඔක්සිජන් ලබා දීමට සිදුව ඇති බවද වාර්තා වුණා.

ඒ සමඟ ඔක්සිජන් අවශ්‍යතාව ඉහළගොස් තිබෙනවා.

සිංහල අලුත් අවුරුද්දෙන් පසුව ආසාදිතයන් ඇතුළත් කිරීම ඉහළ ගොස් ඇති බවයි අයි ඩී එච් රෝහලේ ආරංචි මාර්ග සදහන් කළේ.

පුවත යවන්න