අර්ජුනට ඉල්ලා අස්වෙන්නැයි දැනුම් දීමක්

ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සුදත් චන්ද්‍රසේකර මහතා විසින් අර්ජුන රණතුංග මහතා වෙත ලිඛිතව දැනුම්දිමක් සිදුකර තිබෙනවා.

ඊයේ පස්වරුවේ ජාතික ක්‍රිඩා සභාව රැස්වීමට නියමිතව තිබුණ ද ඒ සඳහා ජාතික ක්‍රීඩා සභාවේ කිසිදු සාමාජිකයෙකු ද සූම් තාක්ෂණය ඔස්සේ සහභාගී නොවූ බවයි දැනුම් දී ඇත්තේ.

“ඒ පිළිබඳව විමතියට පත් නොවන ලෙසත් අප සියලුදෙනාම ඔබව තවදුරටත් ජාතික ක්‍රිඩා සභාවේ සභාපති වශයෙන් පිළිනොගන්නා බවත්” සුදත් චන්ද්‍රසේකර මහතා විසින් අර්ජුන රණතුංග මහතා වෙත යොමුකර ඇති ලිපියේ සඳහන්.

පුවත යවන්න