අල්ලස් චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අර්ජුන් ඇලෝසියස් යන අයට අද(05) අධි චෝදනා පත්‍ර භාර දීමෙන් පසුව ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය නියම කළා.
අල්ලස් කොමිෂම ගොනුකළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා ඉදිරියේ අද කැදවනු ලැබුවා. එහිදී විත්තිකරුවන් දෙදෙනාට අධි චෝදනා පත්‍ර භාරදීම සිදුවූ අතර රුපියල් ලක්ෂ පහ බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ.
විත්තිකරුවන්ට විදේශගතවීමද තහනම් කරමින් ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙස ද නියෝග කෙරුණා.
නඩුව නැවත ලබන 15 වනදා කැදවීමටයි මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ.
2016 වසරේ පෙබරවාරි මස 12 වනදා සහ එම වසරේ සැප්තැම්බර් 30 වනදා දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකා රජයේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් විත්තිකාර අර්ජුන් ඇලෝසියස් අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන පෞද්ගලික සමාගමක නමට ලබාගත් නිවසක පදිංචි වී සිටීමෙන් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇති බවට රවී කරුණානායක මහතා ට චෝදනා එල්ල වී තිබෙනවා.
මෙම ක්‍රියාවට අනුබල දීම තුළින් අර්ජුන් ඇලෝසියස් මහතා ට එරෙහිව ද අල්ලස් පනත යටතේ අධි චෝදනා ගොනු කෙරුණා. නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයන් 32 කු සහ නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 58 ක් ඉදිරිපත් කර තිබෙනවා.