අලුත් අවුරුද්දට අතිරේක බස් ගමන් වාර 300ක්

මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් ගම් බිම් බලා යන ජනතාවගේ පහසුව පිණිස කොළඹ මධ්‍යම බස් නැවතුමෙන් අද (10) සිට අතිරේක බස් ගමන් වාර 300ක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා පවසනවා.

මෙම මස 07 සිට 17 දක්වා දින 10ක් තුළ ලංගම මඟින් විශේෂ මගී ප්‍රවාහන වැඩපිළිවෙළක් සකස් කළ බවත් ඒ යටතේ ක්‍රමානුකූලව වැඩිකළ අතිරේක බස් ගමන් වාර ප්‍රමාණය 10, 11 හා 12 යන තෙදිනේ දී 300ක් දක්වා වැඩි කරන බවත් ඒ මහතා පැවසීය.

අලුත් අවුරුදු සැමරුමෙන් පසු නැවත රාජකාරී සඳහා නගරයට ඇදී එන ජනතාව සඳහා 15 සිට 17 දක්වා යළිත් බස් රථ 300ක් දෛනිකව අතිරේක ගමන් වාරවල යොදවන බව ද අල්විස් මහතා කීය.

පුවත යවන්න