ආණමඩුව ප්‍රදේශයේ පිරිවෙනක ශිෂ්‍ය හිමිවරුන් පිරිසකට කොරෝනා ආසාදනය වී තිඛෙනවා.
ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කළේ ශිෂ්‍ය හිමිවරුන් 18 දෙනෙකුට මෙලෙස කොරෝනා ආසාදනය වී ඇති බවට හදුනාගෙන ඇති බවයි.
නේවාසිකව අධ්‍යාපනය හදාරණ සිසු සාමණේර හිමිවරුන් පිරිසක් ඒ අතර වන බවද සදහන්.
මෙම පිරිවෙනේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා 65 කට ආසන්න පිරිසක් සිටින අතර ගිහි කුඩා දරුවන් 10 ක් සිටින බව වාර්තා වෙයි.