ආණ්ඩුවට ඉවත්වීමට කල් දෙමින් අන්තරේ පාර්ලිමේන්තු පිවිසුමෙන් ඉවත් වෙයි

තීරණයක් ගැනීමට ආණ්ඩුවට කල් ලබාදෙමින් විරෝධතාකරුවන් පාර්ලිමේන්තු පිවිසුමෙන් තාවකාලිකව ඉවත්වන බවට නිවේදනය කර තිබෙනවා.

එහි රැස්ව සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු, වසන්ත මුදලිගේ පවසා සිටියේ, ඊළඟ පාර්ලිමේන්තු සැසිය 17 වනදා ආරම්භ වීමට නියමිත බැවින් එදින පෙර ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතු බවයි.

“ඊළඟ පාර්ලිමේන්තු සැසිවාරයට පෙර වහාම ඉල්ලා අස්වෙන්න. එහෙම නැත්නම් අපි බලමු. පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්න එක මන්ත්‍රීකෙනෙක්ටවත් පාර්ලිමේන්තුව තුළට යන්න අපි අවකාශය ලබාදෙන්නේ නෑ. මේ ගේට්ටුව විතරක් නෙමෙයි මේ වට කරලා තියෙන ඉතිරි ගේට්ටු සියල්ල වහලා, පාර්ලිමේන්තුව අපි අහෝසි කරනවා. නැවත වටයකින් තව සුමාන කිහිපයකින් අපි ලෑස්ති කරනවා. ඒ නිසා අද අපි ආණ්ඩුවට දෙන්නේ වෝර්නින් එකක්. රතු නිවේදනයක්. අපි අද මෙතැනින් නික්ම යන්නේ ඊළඟ දවස් ගානක් ආණ්ඩුව ගණන් කරලා තියා ගන්න. බැරියර් ගහ ගන්න. බංකර් ගහගන්න. අපි එනවා ඊළඟ දවසේ පාර්ලිමේන්තුව වටලන්න. ඒ එක පැත්තෙන් නෙමෙයි. ගෝඨාභයලාගේ කාලය ඉවරයි. අපි දෙන කාලය ඇතුළේ ගෞරවාන්තවිතව බැහැලා යන්න.”

පුවත යවන්න