ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට පක්ෂව අනුරාධපුර නගරයේ අද (11) සංවිධානය කරතිබු පා ගමනක් අතරතුරදි එම පාගමනට එක්වු පිරිසට ගල් පහරක් එල්ල කළ පුද්ගලයෙකු අනුරාධපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
උතුරැ මැද පළාත් සභාවේ හිටපු අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන් මහතා ඇතුළු පිරිසක් විසින් අනුරාධපුර නගරයේදි සංවිධානය කර තිබුණා.
මෙම උද්ඝෝෂණය අනුරාධපුර නව නගරයේ බැංකු පෙදෙසේ පිහිටි පොදුජන පෙරමුණ දිස්ත්‍රික් පක්ෂ කාර්යාලය ඉදිරිපිටදි පැවැත්විමෙන් අනතුරැව ඔරලෝසු කණුව දෙසට යමින් සිටියදි ඒ ආසන්නයේ පිහිටි ඔසුසලක් ඉදිරියේදි පුද්ගලයෙකු විසින් එම පා ගමනට ගල් පහරක් එල්ල කොට තිබු අතර එම පුද්ගලයා එම අවස්ථාවේදිම පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ අතරතුර මෙම පා ගමන ආසන්නයේ මහ මාර්ගයේ පිරිසක් විසින් තණකොල සහ පුන්නක්කුද තබා තිබූ බවයි වාර්තා වන්නේ.
මෙම උද්ඝෝෂණයට හා පා ගමනට පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් ඇතුළු ප්‍රාදේශිය දේශපාලඥයන් පිරිසක් එක්ව සිටියා.